දේශපාලන හයියෙන් කතුන් විකුණලා


(ෂේන් සෙනෙවිරත්න)

ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු මහනුවර දංගොල්ල ඌරවල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .

අත්අඩංගුවට පත් කාන්තාවන් තඹුත්තේගම සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසන පොලිසිය ඔවුන් 35සහ 38 වයස්වල පසු වන්නියන් බව කියයි .

මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ බලය අයුතු ලෙස භාවිතා කරමින් එම පුද්ගලයා මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල මෙවැනි ගණිකා මධ්‍යස්ථාන කිහිපයක්ම පවත්වාගෙන යන බව පොලීසිය කියයි .