දේශපාලන - ප්‍රවර්ධන වැඩවලට සිසුන් ගැනීම වැරදියි


තරිඳු ජයවර්ධන
 
මංගල උත්සවයක මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් දොයා ගැනීම කිසිසේත් නොගැලපෙන, වැරදි ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමය කියයි.
 
අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 200ක් පමණ මේ සඳහා යොදාගෙන ඇතැයි ද, උදෑසන 6ට පමණ බස් රථ වලින් සිසුන් එම ස්ථානයට ගෙන ගොස් ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
පාසල් සිසුන් දේශපාලන වැඩවලට සහ විවිධ ප්‍රවර්ධන වැඩවලට යොදා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් මෙවැනි වැඩවලට යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ස්ටාලින් මහතා කීවේය.
 
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය දා ජනපතිවරයා පිළිගැනීමට  ද පාසල් සිසුන් යොදාගෙන තිබූ බව ත ඔහු සඳහන් කළේය.