දේශපාලනඥයකුගේ බිරියක කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට හදිසියේ ගොස් ගුරුවරියකට පහර දී ඇතැයි එම විද්‍යාලයයේ ආරංචි මාර්ග සදහන් කරයි.
සැමියාගේ හිතවතියක මුණ ගැසීමට ඇය පාසලට ගොස් ඇති බවත්, එතැන දී වූ බහින්බස් වීම දුර දිග ගොස් දේශපාලන බිරිය එම ගුරුවරියට පහරදී ඇති බවත් කියැවේ.
මේ ගැටුම නිසා තම හිතවතිය වෙනත් පාසලකට ස්ථාන මාරු කරන ලෙස දේශපාලනඥයා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලූ බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ ගැන විමසීමට අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.
මැතිවරණ නිලධාරීන් කියනුයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා මේ කාලයේ මාරු වීම් කළ නොහැකි බවයි.

