දේශපාලක බිරියත් නීතීය අතට ගනී


අනවසරයෙන් කපා ට්‍රැක්ටයකින් රැගෙන යමින් සිටි තේක්ක  කඳන් තොගයක්  දේශපාලනඥයකුගේ බිරියකගේ මැදිහත්වීමෙන් බේරාගෙන ඇතැයි එප්පාවල පොලිස් ආරංචි පවසයි.

තේක්ක හා ට්‍රැක්ටරය තම භාරයට ගත් එම කාන්තාව වැටලීම කළ පොලීසියේ දෙන්නා ගේ රාජකාරියට බාධා කැර ඇතැයි ද  කියයි.

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා මෙසේ කියයි.

‘ඔය කියන දවසේ මා හිටියේ ගලෙන්බිදුණුවැව.එහෙම සිද්ධියක් මට ආරංචි වුණා.ඔය ලී තොගය ගැන මගේ නෝනාගේ වත් මගේවත් කිසිම සම්බන්දයක් නෑ.මම කිසිවකුට බලපෑම් කළෙත් නෑ.පොලීසියට බලපෑම් කළෙත් නෑ.ඒ චෝදනා සියල්ලම මා ප්‍රතික්ෂේප කරනවා.‘