දේවහුවේ දිය කඩිත්තට යුද වදිති


පතුල ද පෑදී ගිය දේවහුව ජලාශයේ දිය කඩිත්තට ගොවියෝත් මිරිදිය ධීවරයෝත් අද සටන් වැදුණාහ. අක්කර තුන්දහක ගොයම මැරෙන්නට නොදී රැක ගතහැකි දැයි බැලීමට ගොවියෝ එම වතුර ටික ගන්නට සැරැසෙති. මාළු ටික බේරාගන්නට ධීවරයෝ සැරැසෙති. පොලු මුගුරු රැගෙන වෑ කන්දට වී දිය කඩිත්ත දෙස බලමින් ලේ රත්කරගනිමින් සිටි පිරිස සන්සුන් කිරීම බරපතල ප්‍රශ්නයක් විය. අක්කර අඩි නව දහසක ජලාශයක් වූ දේවහුව මේ තරම් සිඳී ගිය  කාලයක් මතක නැතැයි ගොවියෝ කියති.