දේවහුව ගැටුම සාමයෙන් කෙළවරවේ


දේවහුව දිය කඩිත්තට ගොවියන් හා ධිවරයන් අතර අද දවස පුරාම පැහි පැහී ගිය සටන පොලිස් අධිකාරි කේ.පී. ඥානසේන විසින් අද සවස සමථයකට පත් කෙළේය. මාළුවනට ද වතුර කොටසක් ඉතිරි කැර ගොවිනට වතුර ටිකක් රැගෙන යෑම සඳහා බැකෝවකින් ඇළක් කපා දීමට ඔහු මූලික විය.