දෙහිවල දෙන්නාට ඇප
සතුන් තිදෙනකුගේ හිස්කබල් අස්ථානගතවී යැයි සැකපිට රිමාන්ඞ් කර සිටි දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කමණි කාන්ති ජයලත් හා වෛද්‍ය සහයක අරුණ ඉන්ද්‍රජිත් රුපියල් 7500ක මුදල් ඇප හා රුපියල් 30000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
පශුවෛද්‍යවරියගේ කාර්යාලයෙන් සොයාගත් සත්ත්ව හිස සහ ඇට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය අංශයට ඉදිරිපත් කර වාර්තාවක්ද, අතුරුදන් ජගුවර්, දිවි හා කොටි හිස්කබල් ගැන වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත් නියෝග කළේය.

