දෙහිවල තාක්ෂණයේ සිසුන් 4ක් රිමාන්ඩ්
දෙහිවල උසස් තාක්ෂණ විදුහලේ ව්‍යාපාරික පරිපාලන අංශයේ සිසුවකුට පහරදී තුවාල කළැයි එම විදුහලේම සිසුහු සිව් දෙනෙක් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මෙම 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
ගයාන් සුරංග, ලසන්ත රුවන්සිරි, නිමේෂ් ධනංජය සහ තත්සර සපරමාදු ඔවුහුය. උසස් තාක්ෂණ විදුහලේ සිකුරාදා පැවැති ඉංග්‍රීසි දේශනයකින් අනතුරුව ආපන ශාලාව අසලදී මෙම පහරදීම සිදුකර ඇති බවත් පහරකෑමට ලක්වූ සිසුවා කළුබෝවිල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

