දෙවිනුවර ඇසළ උත්සවයට කප් සිටුවයි.


ඓතිහාසික දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවස කප් සිටුවීමෙන් ආරම්භ විය. පළමු පේලි පෙරහර ලබන 27 වැනිදා ආරම්භවීමට නියමිතය. අගෝස්තු නමවැනිදා රාත්‍රියේ පැවැත්වෙන කෝල්මුර යාගය හෙවත් දේව තොවිලයෙන් ද පසුදින (10) පැවැත්වෙන මහා දේව දානනේ ද ඇසළ උත්සවය නිමාවට පත්වේ.