දෙවැනි බිරිය සැකපිට


හෝකන්දර ජයගත් මාවතේ නීතිඥ හා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ දෙවැනි බිරිය (22)අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය  පොලිසිය කියයි. පෙර විවාහයක් කැරගෙන සිටි මේ නීතිඥවරයා මීට මාස හයකට පෙර විසි දෙහැවිරිදි බිරිය කැන්දන් ආ බව ද පෙලිසිය කියයි. මිටියකින් හිසට ගසා මරා ඔහු උඩුමහලින් බිමට ඇද දැමී යැයි පොලිසිය පවසයි.