දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (4 වැනිදා) නිමාව දුටු දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ජයග‍්‍රහණය සඳහා  ඕවර 37 කදී ලකුණු 261 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය. මේ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1‐0 ක් ලෙස ශී‍්‍ර ලංකා පිල තවමත් පෙරමුණ ගෙන සිටී. කුමාර් සංගක්කාර ලකුණු 192 ක් ලබා සිටියදී අබ්දුර් රෙහෙමාන්ගේ පන්දුවට ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව තවුෆීක් උමාර් සොයා එද්දීතවුෆීක් උමාර් විසින් උඩපන්දුව රැකගනු ලැබූ අවස්ථාවද්විත්ව ශතකය පෙනි පෙනී දැවී යාමෙන් බලාපොරොත්තු- කඩවූ සංගක්කාර