දෙවැනි කොටි සැකකරුත් රාගමදී මිය යයි
වව්නියාව බන්ධනාගාරයේ සිරකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගැනුණු බන්ධනාගාර නියමකයන් මුදාගැනීමෙන් පසු රාගම රෝහලට මාරු කර යැවූ කොටි සැකකරු යාපනයේ මරියදාස් හේවිස් රොක්සාමි (27)අද මියගිය බව රෝහල් ආරංචි කියයි.
මෙම සිද්ධියෙන් පසු මියගිය දෙවැනි රැඳවියා ඔහුය. වව්නියාව බන්ධනාගාර කැරැල්ල වූයේ ජූලි 28 වැනිදාය.

