දෙවැනි එක්දින තරගය හෙට
සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය පිල පළමු තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබා 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටීම නිසා මෙම තරගය ශ‍්‍රී ලංකා පිලට වඩාත් වැදගත් වේ.
නුවන් කුලසේකර ආබාධයකට ලක්වීමෙන් හිස්වූ ස්ථානයට කිසියම් ක‍්‍රීඩකයකු ආදේශ කර ඇත්දැයි මාධ්‍යවේදියකු කළ විමසුමකට මහේල මෙසේ පැවසීය.
”තවම ක‍්‍රීඩකයකු ආදේශ කර නෑ. මෙම සංචිතයෙන්ම මේ තරගයට ක‍්‍රීඩා කරනවා. දකුණු අප‍්‍රිකානු ‘ඒ‘ සංචාරයට සහභාගි වූ ක‍්‍රීඩකයන් ඊයේ රාත‍්‍රී පිටත් වුණා. එයට සහභාගි වූ තේරීම් කමිටු නිලධාරියාගෙන් විමසා කොළඹදී ක‍්‍රීඩකයකු සංචිතයට ආදේශ කරනවා” යයිද මහේල වැඩිදුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නකු ලෙස ඉසුරු උදාන ඇතුළත්ව සිටින බවත් ඇතැම් විට අද තරගයේදී ඔහුට අවස්ථාව ලැබීමට ඉඩ ඇති බවත් ශ‍්‍රී ලංකා නායකයා පැවසීය.

