දෙව්රම් වෙහෙර ළඟදි මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්


පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී භාරයට ගැනීමට යන බවට ලද තොරතුරක් අනුව එහි ගිය මාධ්‍යවේදීනට පන්සල අසල සිටි පිරිසක් පහර දුන්හ.

එක් මාද්‍යවේදියකුගේ හිසට තුවාල වී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය.

මීරිගම කන්ඩලම වලව්වේ දී වනජීවී නිලධරයන් විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම ඇත් පැටවා අනවසරයෙන් රඳවා ගත්තැයි  නඩුවක් පවරා ඇත. ඇත්පැටවා මහේස්ත්‍රාත් තීරණය අනුව පන්නිපිටියේ දෙව්රම් වෙහෙරට භාර කැරිණි.

වනජීවී නිලධරයන් මහාධිකරණයට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇත් පැටවා නඩු භාණ්ඩයක් ලෙස වනජීවී නිලධාරීන් භාරයේ තැබීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියෝග කළාය.

පැටවා රැගෙන යෑමට වනජීවී නිලධරයන් එන බවට ලැබුණු තොරතුරු අනුව මාධ්‍යවේදීහු එහි ගොස් සිටියහ.

පොලිසි තුනකින් ආරක්ෂාවට කැඳවා ඇති අතර වනජීවී නිලධරයන් කියනුයේ එහි අලි පැටවුන් තිදෙනකු පමණ සිටින බවයි. ඔවුන් තබා ගැනීමට බලපත්‍ර ඇත්දැයි පරීක්ෂා කරන බව වනජීවී නිලධරයෝ කියති.

 11

E10 E12