දුර්ලභ කිඹුල් හූනකු ළඟ තබා ගත් බව කියන දෙයියන්දර පරිසර ගුරුවරයකු වන එන් ජී නිරෝෂ ධනුවන්ත ප්‍රනාන්දු හා මාකඳුරේ ඩබ්ලිව් ජී හර්ෂණ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප මත මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
හූනා දෙහිවල සතුන් වත්තට බාර දෙන ලෙසද නියම කැරිණි.
කඹුරුපිටිය ලේනබටුව රක්ෂිතයෙන් අල්ලා ගත් බව කියන මේ හූනා රුපියල් ලක්ෂ 12 කට මොවුන් විකිණිමට තැත් කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මුදලාලි වෙසින් කොළඹින් ගිය පොලිස් කණ්ඩායමකට ඔවුන් මෙම හූනා විකිණිමට තැත් කැර ඇත්තේ කඹුරුපිටිය මාපලානේදීය.
මෙම හූනා ශ්‍රී ලංකාවට ආවේණික සතෙකි.කිඹුල් හූනා වියළි කලාපයේ ගස් හා ගත් අතර ජීවත් වේ.ගෙවල්වල සිටින හුනාට වඩා මේ හුනා විශාලය.

