නිදහස ඉල්ලා ආහාර වර්ජනයක නියැලී සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමුවීමට ගිය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග පැවැති සාකච්ඡාවකින් පසු ආහාරය වර්ජනය අත් හළ බව බන්ධනාගාර ආරංචි කියයි. දේශපාලන සිරකරුවන් පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ලබන නොවැම්බර් 7 වැනි දාට පෙර ගන්නා බවට රජය පොරොන්දු වී ඇති බවත් එසේ නොවුන හොත් තමන්ද බන්ධනාගාරයට පැමිණ උද්ඝෝෂකයන්ට සහාය පළකරන බවත් විපක්ෂ නායක වරයා මෙහිදී මාධ්‍යයට පැවැසීය. වැලිකඩ, මැගසින්, අනුරාධපුර හා යාපනය බන්ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවෝ මෙම උපාවාසයට එක්ව සිටියහ.

