දෙමළ සන්ධාන අපෙක්ෂකට ඇප
ඕස්ට්‍රේලියාවට අසවසරයෙන් මිනිසුන් යවමින් සල්ලි වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි වී. සුරේෂ් කුමාර්, දෙමළ ජාතික සන්ධාන නැගෙනහිර පළාත් අපෙක්ෂක, රුපියල් දස ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප හයක් මත මුදා හරින ලෙස ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත් යු.එල්.ඒ අස්හාර් මහතා නියෝග කෙළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ම සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි නීතිඥ ජී. කරිකාලන් හා සුරේෂ් කුමාර් ගේ සහෝදර වී සුදාකරන් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

