දෝෂාභියෝග තීන්දුවට එරෙහිව අගවිනිසුරුවරිය විසින් පැවරුණු පෙත්සමේ වගඋත්තර කරුවකු ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටීමට දෙමළ ජාතික සංධානය තීරණය කළ බව එම් ඒ සුමන්තිරම් මන්ත්‍රීවරයා කියයි.
11 දෙනකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවේ දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරයකු සාමාජිකත්වය දැරීය.
මේ අතර ආණ්ඩු පක්ෂය කියනුයේ අභියාචනාධිකරණය ඉදිරියට නොයන බවයි.
ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් පවසනුයේ පාර්ලිමේන්තුව උත්තරීතර බැවින් අධිකරණ නියෝග වලට යටත් නොවන බවයි.

