පානදුරේ දෙමහල් නිවසක හුදකලාව ජීවත්වූ අක්ක නගෝ දෙදෙනකුගේ ඇටකටු අද (12 )සොයාගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 70 ක් හා 72 ක් වයසැති මෙම දෙදෙනා පමණක් එම නිවෙසේ ජීවත්ව සිටි බවත් ඔවුන් ස්වභාවික මරණයකට පත්වූවවාද අන් අයුරකින් මිය ගියාද යන්න සොයාගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.






