(කුෂාන් ජයවර්ධන)
කැකිරාව ගල්කිරියාගම නගරයේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද (29) හටගත් ගින්නකින් එහි සේවකයින් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.ගල්කිරියාගම ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා මහ රෝහලට මාරු කරනු ලැබූහ.
ගින්නට හසුවීමෙන් වෙළදසැලේ හිමිකරු ඔහුගේ බිරිය හා වයස අවුරුදු දෙකක කුඩා දැරියක ද සුළු තුවාල ලබා තිබේ. ගින්න ඇතිවන අවස්ථාවේ දරුවාද සමග ඉහළ මහලයේ කොටුවී සිටි එම යුවල තම කුඩා දරුවා ඉහළ මාලයේ සිට බිම සිටි පිරිසක් වෙත විසිකර දමා දරුවාගේ දිවි බේරා ගෙන තිබිණි.
ඉහල මාලයේ සිට බිමට පැන ඇති අවස්ථාවේ ව්‍යාපාරිකයා හා බිරිය සුළු තුවාල ලබා තිබේ. මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නැත.අසල්වාසීන් පැවැසූයේ ගින්නත් සමඟ විශාල පිපිරුම් හඬක් ඇසු බවයි.

