දෙමස්සිනාලා එකට සූර්වී මස්සිනා මරාදාලා


(දෙහිවල එච් එම් ධර්මපාල) 

ගල්කිස්ස පිටත සේරම් පාර දෙමහල් නිවසකදී පෞද්ගලික ආරවුලක් මත මස්සිනා විසින් මස්සිනා ඝාතනය කර පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. 

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පිටත සේරම් පාර පදිංචිව සිටි එම්.ටී.බේරුවලගේ නැමැති (55) වියැති ව්යාසපාරිකයකු  බව පොලීසිය කියයි .

අද 31 වන දින ප.ව.5.00 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර , ඒ වනවිට මියගිය පුද්ගලයා තම බිරියගේ සොහෝයුරා සමග මත්පැන් පානය කරමීන් සිට ඇති බවත් ඒ අතරතුර තම බිරිඳගේ සොහෝයුරා  තියුණු ආයුධ යොදාගන මෙම පුද්ගලයා උඩු මහලේදී ඝාතනයට ලක්කර නිවසින් පලාගොස් ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

මෙම ඝාතනය දේපල ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇතිබව පොලීසිය කියයි. 

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය,  පොලිස් අධිකාරි 1 සමන් ජයසේකර,  මූලස්ථාන ප්ර ධාන පොලිස් පරීක්ෂක දිලීප සී  පෙරේරා යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්රොධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත,  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් යන මසතුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නීල් ප්රිියන්ත මහතා ඇතුලු නිලධාරීහු කණ්ඩායමක් සිදුකරති.