දෙමටගොඩ හොර උගස් පොළක්.


දෙමටගොඩ සාරියාවත්තේ 25 දෙනකුගෙන් පමණ රුපියල් දසලක්ෂයක පමණ රන් අභරණ වංචා කළැයි ඒ.ආර්.එම්. හිල්මි හාජි, මොහොමඩු අරුස්, හා රිස්වි හනිපාට එරෙහිව නඩු පවරා ඇත. අරූස් රිමාන්ඞ් කර ඇති අතර රිස්වි හනීපා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් කර ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ මහේස්ත‍්‍රාත් ඩබ්ලිව්.කේ. දමිත් විජේරත්න මහතාට දැන්වීය. ෂරියා නීතිය අනුව පොලී ගැනීම වරදක් නිසා රන්බඩු තමන් ලඟ තබා අවශ්‍ය මුදල් ගන්නා ලෙසත්  ඕනෑ විටක රන්බඩු රැගෙන යන ලෙසත් සැකකරුවන් සාවියා වත්තේ ගණුදෙනු කරුවන්ට කියා ඇත. එම රන්බඩු සැකකරුවන් විසින් ඉහල අගයට උගස්කර ඇතැයි ද උසාවියේදී කියැවිණි.