දෙබිඩි දරුදෙන්නාට මාසයයි
මාසයකුත් දින හතරක් වයසැති දෙබිඩිදරුවන් ඇති දැඩි කිරීමට මොනරාගල තඹානේ මවුපියෝ අපමණ දුකක් විඳිති.මෙනරාගල සිට තඹානට කිලෝමීටර් 32කි. මේ දරුවන්ගේ පියා සී.එම්. ගුණසේකර මහතා (46) ගොවියෙකි. ඒත් හරි ආදායමක් නැත. අගහිඟකම් බොහෝය. පදිංචිව සිටිනුයේ කටුමැටි ගැසූ ගෙයකය. එළිය කුප්පිලාම්පුවෙනි. මව ආර්.එම්.සුමනාවතී (34) මහත්මිය කියනුයේ දරුදෙදෙනාගේ හිස් දෙක පැවැති ආකාර අනුව මව් කිරි දීමට අපහසු බවයි. ඉපැදුනේ කොළඹ ද සොයිසා රෝහලේදීය. දරුවන් වෙන් කළ හැකි දැයි වෛද්‍යවරුන් මෙතෙක් උපදෙස් දී නැත. මේ දෙදෙනාට තවත් දරු දෙදෙනෙක් සිටිති. දෙබිඩිදරුවට තන කිරීදීම අමාරුය. වෛද්‍යවරු ඔවුනට නියමකළ කිරිපිටි වර්ගයේ මිල ද අධිකය.
ඔවුන්ගේ ලිපිනය සී.එම්. ගුණසේකර මල්ගස්තලාව, තඹාන,රුවන්වෙල මොනරාගල.

