දෙපාරක් උපන් ගුරුවරියගේ වැඩ තහනම් කරයි


පත්වීම ගැනීමට එක් හැඳුනුම්පතකුත්, ණයක් ගැනීමට තවත් හැඳුනුම්පතකුත් හදාගත් බව කියන ගුරුවරියකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කිත්සිරි ලියන ගමගේ මහතා කියයි. වෑපිටියගේ නන්දාවතී නම් මේ ගුරුවරියට එරෙහිව මාතර මහේස්ත‍්‍රාත් උසාවියේ නඩුවක්ද පවරා ඇත. එම නඩුවෙන් කියැවෙනුයේ ඇය 1956 දී හා 1961 දී  දෙවරක් උපන් බවයි.