කොන්ත්‍රාත්කරුවකු ද වන පෙදරේරුවකු රුපියල් අසුඅට ලක්ෂයකට වෛද්‍යවරයකුගෙන් මිලට ගත් බව කියන ටොයොටා ජීප් රියක අයිතිය තහවුරු කිරීමට නොහැකි වී යැයි ගල්කිරීයාගම පොලීසිය කියයි.
ආඩියාගල කළුආරච්චියාගම මුදුන්ගොඩැල්ලේ සිල්ලර කඩ හිමියකුගේ ගරාජයක තිබු මෙම රියේ රතු ගරාජ අංක යොදා තිබිණි.
රිය ලියාපදිංචි කැර නැතැයිද පොලීසිය කියයි.
කාන්තාවකගේ නමින් ජිප්රියට රක්ෂණාවරණක් ලබා ගෙන ඇතැයි ද එම රිය අත්පිට මුදලට ගත් බවත් ලියවිලි අස්ථානගත වී ඇති බවත් පෙදරේරුවා පොලීසියට කියා ඇත.
ඔහු දෙනියායේ පදිංචිකරුවකු බවත් නීතී විරෝධි පිරමීඩ් ගනුදෙනුවල ලිපි ලේඛන තොගයක් එහි තුබු බවත් පොලීසිය සඳහන් කරයි.
සිල්ලර කඩ හිමියාගෙන් ද ප්‍රකාශයක් සටහන් කැර ගත් පොලීසිය ජීප්රිය හා පෙදරේරුවා කැකිරාව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

