දෙදරු මවගේ සිරුර ගොඩගනී


ගාල්ල නාවින්නේ කහදුවත්තේ නිවසක දී සැමියා විසින් මරා වළ දමා තිබූ දෙදරු මවගේ සිරුර සෙනසුරාදා රාත්‍රී ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතාගේ නියෝගයෙන් ගොඩගනු ලැබීය. සැකකාර සැමියා පොලීසියට පවසා ඇත්තේ පසුගිය දෙවැනි දා රාත්‍රී අලවාංගුවකින් ඇන බිරිඳ ඝාතනය කළ බවයි. සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.