(එස්.ඩී.කොඩිකාර)
නාය යෑමේ අවදානම නිසා දින නියමයක් නොමැතිව වසා දැමූ දෙනියාය රාජපක්ෂ මහ විදුහල සිකුරාදා(09) සිට යළි විවෘත කරන බව විදුහල්පතිනි කේ.එල් දිල්හානි මහත්මිය කියයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් එම පාසලේ නීරීක්ෂණ චාරිකාවකින් පසු එහි අවදානමක් නැතැයි ප්‍රකාශ කිරීම මත මෙම තීරණය ගත් බවද ඒ මහත්මිය කීවාය.
එම විද්‍යාඥයින් පවසා ඇත්තේ පාසලට ඉහළින් අවිධිමත් ජලය බැහැර කිරීම හේතුවෙන් නාය යාමේ තත්ත්වයක් ඇතී වූ බවයි.

