දෙකෝටියක ”පිස්සු බේත්” අල්ලයි
මානසික උත්තේජනයක් ඇතැයි කියන රසායන කිලෝ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් දොහා සිට ගෙන ආ ඉරාන ජාතිකයන් දෙදෙනකු සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි. එහි වටිනාකම රුපියල් දෙකෝටියකි.
රැවුල බෑමෙන් පසු මුහුණේ ගල්වන ආලේපන හා කේෂාලේපන බඳුන් දෙකක මේ රසායන අසුරා තිබිණි. මේ රසායනයේ ග‍්‍රෑමයක මිල ඇමෙරිකානු ඩොලර් සියයකි (රුපියල් 13200කි).

