දූෂණයට ලක්ව මියගිය දැරියගේ මව රිමාන්ඩ්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දූෂණයට ලක් කිරීමේන් පසුව මරා දැමූ පුත්තලම ආසිරිගම දැරියගේ මව 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා අද (24) නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේ පුත්තලම ආසිරිගම පෞද්ගලික ඉඩමක සේවය කළ 39 හැවිරිදි පෙට්ටිගේ ගීතා ජීවනි  නැමති දරුවන් හය දෙනෙකුගේ මවක් බව පොලිසි පැවසීය.

පසුගිය 16 වැනිදා මෙම දස හැවිරිදි දැරිය ආසිරිගම මවගේ භාරයේ රැඳී සිටියදී මෙම කාන්තාවගේ අනියම් සැමියා බව කියන සැකකරුවකු විසින් බරපතල ලෙස ලිංගික දුෂණයට ලක් කිරීමේන් පසුව අධික ලෙස රුධිර වහනය වී කම්පනයට ලක්වී මෙම දැරිය මරණයට පත්ව තිබුණි.

මෙම මරණයට සම්බන්ධව  අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

එසේම මෙම සැකකාර මව සිද්ධියට සම්බන්ධව කරුණු වසං කිරීමේ චෝදනා මත පුත්තලම පොලිසිය මගින් අද (24) දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණි.

එසේම මෙම සිද්ධියට සම්බන්ධ  මේ වන විට පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පුත්තලම අධිකරණයෙන් පසුගිය 18 දින නියෝගයක්ද නිකුත් කර ඇත.