දූෂණ මඩින්න ජනපති ජන සහාය ඉල්ලයි


‘වංචා දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට රජය මොන තරම් උත්සාහ කළත් ඒවා නතර කිරීම හරි අමාරුයි. ඒවා නතර කිරීමට මහජනයා අපට සහය දිය යුතුයි.‘ මහින්ද රාජපක්ෂ ජනපති මහනුවර ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් සමග එසේ පැවසීය. සංවර්ධන හා ඉදිකිරීම් කටයුතු ගැන මහජනයා නිතරම සෝදිසියෙන් සිටිය යුතු යැයි ජනපති කීවේය.