දුෂ්කර පාසල්වලට චෙස් හඳුන්වා දෙයි
දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි පාසල්වලට චෙස් ක‍්‍රීඩාව හඳුන්වාදීම සඳහා පියවර රැුසක් ගැනීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුතු යොදා තිබේ.
අධ්‍යාපන කලාප, දිස්ත‍්‍රික් හා පළාත් මට්ටමෙන් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කියයි.
මේ වනවිට දිවයිනේ පාසල් රැසක චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්ත වී තිබුණත් දුෂ්කර පාසල්වල චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්තව ඇත්තේ ඉතා අල්ප ලෙස බැවින් නව පියවර ගත් බවද එම සංගමය කියයි.
දිවයිනේ දුෂ්කර පාසල්වලට පාසල් චෙස් සංගමයේ නිලධාරීන් ගොස් පහදාදී එම පාසල්වල චෙස් ක‍්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ගත හැකි ක‍්‍රියාමාර්ග සොයා බැලීමද මේ යටතේ සිදු කෙරේ.

