(අංජුල මහික වීරරත්න)
දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර යටතේ මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කෙරේ.
එක් කිරි සැකසුම් මධ්‍යස්ථානයකින් දිනකට කිරි ලීටර් පන්දහසක් බැගින් මෙම මධ්‍යස්ථාන හය තුළ දිනකට කිරි ලීටර් 30,000ක් සකස් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

