(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
ජල ගැලීම්වලින් හා නායයෑම්වලින් පීඩාවට පත්වුවද නගරයේ සිට තරමක් දුර බැහැරව පවතින නිසා ආධාර නොලැබෙන ගම්මාන රැසක් තවමත් තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පිටකැලේ එවැනි ගම්මානයකි.
රත්නපුර සිට කලවානට ගොස් වැද්දගල හංදියෙන් සිංහරාජ පාරේ ගිය විට මෙම ගම්මානය හමුවේ. ගංවතුර හා නාය යෑමේ නිසා පාරවල් බෙහෙවින් අබලන් වී තිබේ. ගමන් කළ හැක්කේ කුඩා වාහනවලට පමණි.
කන්දක් නාය ගොස් පවුලක හතර දෙනකු යට වූයේ ද මෙම ගම්මානයේ ය. තවත් ගෙවල් රැසක් ජලයෙන් යට විය.
ආපදා නිසා අවතැන්වූ පවුල් 50ක් පමණ එම ප්‍රදේශයේ සිටිති.
පසුගිය දින පහටම එක පවුලක් වෙනුවෙන් ලබා දී ඇත්තේ හාල් කිලෝ දෙකයි, ඉටිපන්දම් දෙකයි, ගිනි පෙට්ටි දෙකයි, සැමන් ටික් එකක් පමණි. ඇතැම් පවුල්වලට ඒවා ද ලැබී නැත.
ප්‍රදේශයේ කඩ ද ගංවතුරෙන් යටවී ඇති නිසා බඩු මිලට ගැනීමේ හැකියාවක් ද නැති බැවින් තම ගම්මානය ගැන අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

