‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ ‘මිස් ඇක්ටිව්ට්‘ වඩාත් කාර්යශූර රූමතිය ලෙස නිඛිලා නන්දගෝපාල් අද ජයග්‍රහණය කළාය.
බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවති අභියෝගාතාමක තරග කිහිපයකින් පසුව ඇය ඒ සදහා සුදුසුකම් ලැබුවාය.
වතුර පිරැවූ බේසමක වතුර නොඉහිරෙන ලෙස දෙපයින් රැගෙන ගොස් බෝතලයකට පිරැවීම සාර්ථ ලෙස ඇය ඉටු කළාය.
දිවයිනට පැමිණි මිස් ඉන්ඩියා රූ රැජින තරගාවලියේ අවසන් වටයේ ඉන්දීය යුවතියෝ විසිපස් දෙනෙක් මෙම අභියෝගාත්මක තරගාවලිය සදහා ඉදිරිපත් වුහ. ඉන් අවසන් අභියෝගාත්මක ක්‍රීඩා ඉසව්ව මනා ඉවසීමකින් ඉතා දක්ෂ ලෙස නිම කිරීමට නිඛිලා නන්දගෝපාල් සමත් වුවාය.
ඇය (18) බැංගලෝරයේ උසස් බාලිකා විදුහලේ 12 වෙනි ශ්‍රේණියේ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරයි.
ඇය මින් පෙර ශ්‍රී ලංකාවට දෙවරක් පැමිණ ඇති බව කීවාය. ඇය තමාගේම් මෝස්තර නිරූපන සමාගමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නීය.
සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝස් මෙහි අනුග්‍රාකත්වය දරයි.

