දුරකතන චාජරය සැප වාහනයට ගිනි තබයි.


(සුමිත් පොතුපිටිය)

වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් මීට සුළු මොහොතකට පෙර ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථය ළගාවන විට ප්‍රදේශවාසීන් ගින්න පාලනය කර තිබුණි .

රියදුරු ජංගම දුරකථනය චාජ් කිරීමට සවිකර අසල වෙළෙඳ සැලකට ගොස් එනවිට ගින්න පැතිරී තිබේ. ජීවිත හානි සිදුව නොමැත.

ගින්නෙන් වෑන් රථයේ ඉදිරිපස ක්‍රියාකාරී කොටස් මුළුමනින්ම දැවී තිබුණි.