දුමින්දට ගොතටුවේ බෝධි පූජාවක්


ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් අද සවස  ඇරැඹීමට නියමිතය. මන්ත්‍රීවරයාගේ පියා ඇතුළු සමීප නෑයන් අතුළු 500ක් පමණ පන්සලට  පැමිණ සිටිති. පහන් ලක්ෂයක් දැල්වීම අරමුණයි. සවස 5ට මෙම පූජාව ඇරැඹීමට නියමිතව තිබිණි. වැල්ලම්පිටිය ගොතටුව හා මුල්ලේරියාව පොලිසිවලින් ආරක්ෂාව සඳහා කැඳවා ඇත. ගිය වසරේ ගැටුමේදී ජනාධිපති උපදේශක භාරත ලක්මන් ප්‍රේමචන්ද ඇතුළු සිවු දෙනෙක් ඝාතනයට ලක් වූහ.