දුමින්ද තවමත් සිංගප්පූරුවේ


භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණ නැතැයිද සිංගප්පූරුවේදී අදත් ඔහුට සැත්කමක් කිරීමට නියමිතයැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට දැන්වීය. දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නා ලෙස තමා කලින් දුන් නියෝගය තවමත් බලපැවැත්වෙන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. දුමින්ද සිල්වාගේ කටඋත්තරය නීතිපතිට යවා උපදෙස් පතා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය උසාවියට අපහාස කළැයි කියන කතා ගැන විනිශ්චයක් දීමට තමාට අධිකරණ බලයක් නැතැයි කී මහේස්ත‍්‍රාත් වරයා අවශ්‍ය කෙනකුට ඒ කාරණය ඊට ඉහළ අධිකරණයකට ගෙනයා හැකි යැයිද ප‍්‍රකාශ කළේය.