දුමින්ද ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ගැන සොයා බලා වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කළේය.
ලබන 24 වැනිදාට එම වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් පැවැසුවේ මෙතෙක් දුමින්ද සිල්වා ගැන ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පමණක් ඔහු ගැන කතා කරන බවයි. රහස් පොලිසිය නිහඬ බවයි. දුමින්ද සිල්වා සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබයි.
පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවියට අපහාස කළැයි කියන පැමිණිල්ල ගැන දෙපැත්තේ ලිඛිත දේශන සළකා බලා තම තීන්දුව ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බවද මහේස්ත‍්‍රාත් පැවැසීය.

