(මහින්ද නිශ්ශංක)
දුම්රියේ සිඟමන් යෙදීමේ දී අද (2) අල්ලා ගනු ලැබූ යාචක කාන්තාවක සතුව රුපියල් 214,290 ක පමණ මුදලක් තිබී සොයා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
කිලෝ 10 ක ප්‍රමාණයේ හිස් සහල් ඇසුරුමක තිබී සොයා ගනු ලැබූ මෙම මුදලට රුපියල් 5000 නෝට්ටු 35 ක් ද රුපියල් 100 නෝට්ටු 38 ක් ද වූ බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවසිය.

