(ක.ග.කරුණාරත්න)
මඩකළපුව කොළඹ දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.
කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීග‍්‍රගාමී දුම්රියට අද(16) අලුයම 1.15ට පමණ පොළොන්නරුව සහ ලක්‍ෂඋයන දුම්රිය ස්ථාන අතර පැරකුම්උයන ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු හැපී මිය ගොස් තිබේ.
හෙතෙම පොළොන්නරුව, පළුගස්දමන, අංක 693 පදිංචි 44 හැවිරිදි ඞී.එම්.චන්දන කුමාර යන අය බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පැවැසීය.
මේ අතර වැලිකන්ද සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර පිහිටි ආච්චි බෝක්කුවට ආසන්නයේදී ඊයේ රාත‍්‍රි 10.00ට පමණ මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීග‍්‍රගාමී දුම්රියේ ගැටීමෙන් 64 හැවිරිදි ඩබ්ලිව්.පී. සිරිල් පෙරේරා යන අය මරුමුවට පත්වී ඇත.
එම අනතුරින් මියගිය පුද්ගලයා මනම්පිටිය.මාගංතොට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කලේය.
මිය ගිය දෙදෙනාගේ මළ සිරුර පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනවිත් තිබේ.ඒ මරණ සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද(16) පැවැත්වීමට නියමිතය.
පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

