(මහින්ද නිශ්ශංක)
වැටුප් විෂමතා ගැටලුව සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය දක්වා දුම්රිය රියදුරු නියාමක පාලක සහ ස්ථානාධිපතිවරු බදාදා (20) මධ්‍යම රාත්‍රී සිට පැය 48 ක වර්ජනයකට එලඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය
වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ජාතික වැටුප් සේවක සංඛ්‍යා කොමිසමේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවද අසාර්ථක වු බව ඔහු කියයි.

