දුම්රිය සේවකයින්ට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකියි


(රංජන් කස්තුරි)

දුම්රිය සේවකයින්ට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නැවත වතාවක් ප්‍රකාශ කළේය.

එක් කණ්ඩායමකට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට විෂමතා ඇතිවන බවද එම නිසා එය කළ නොහැකි බවද එහිදී මංගල සමරවීර මහතා කීය.

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බවට වාර්තා පළවන අතර එලෙස වැටුප් වැඩිවීමක් ලබැදෙන්නැයි ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.