(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු සහයක ශ්‍රේණියේ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කරගෙන දුම්රිය රියදුරු සහායකයින් ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අද(22) පස්වරුවේ සිට අත්හිටවූ බව රියදුරු සහායකයින්ගේ සංගමයේ උප සභාපති චන්ද්‍රසේන බංඩාර මහතා පවසයි.
අග්‍රාමාත්‍ය උපදේශක ජේ. දඩල්ලගේ මහතා සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවද ඒ මහතා කියයි.
මේ අතර රියදුරු සහායකයින්ගේ වැඩ වර්ජනයක් පැවතිය ද දුම්රිය ධාවනය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදූවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

