දුම්රිය වෘත්තීය සමිති ජනපති හමුවෙන්න යයි


(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියැදුරු , නියාමක පාලක ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන්ගේ වැටුප් තල සම්බන්ධ මතුවී තිබෙන ගැටලූව පිළිඳබව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ දුම්රිය  වෘත්තිය සමිති නියෝජිතයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන 23 වනදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවට අමාත්‍යංශ උසස් නිලධාරින් සහ ජාතික වැටුප කොමිසමේ නිලධාරින් ද සහභාගිවෙති.

මේ අතර ඊයේ (18) ජනාධිපතිවරයා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් අතර පැවැති  සාකච්ඡාව සියයට සියයක් සාර්ථක බවත් මතුවී තිබෙන වැටුප් ගැලූව සම්බන්ධව සාධාරණයක් ඉටු කරන බවට ජනාධිපතිතුමන් පොරොන්දු වූ බවත් දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

තම ශ්‍රේණිවල වැටුප් විශමතාවයක් නොව ශ්‍රේණි විෂමතාවයක්  පවතින බව පැවසූ ආරියරත්න මහතා ද්විතිය තලයේ සිට තෘතියික මට්ටම දක්වා යාම තම ඉල්ලීම බව ද කීය.

ලබන 23 දා පැවැත්වෙන සාකච්ඡාවේදී සාධාරණයක් ඉටු කරන බවට ජනාධිපතිරවයා පොරොන්දු වු බැවින් නැවත වෘත්තිය සමිති ක‍්‍රියා මාර්ගයකට යාමට තරම් ගැටළුවක් ඇති නොවනු ඇතැයි වෘත්තිය සමිතිවල  විශ්වාසය බව ද හෙතෙම සඳහන් කළේය.