(මහින්ද නිශ්ශංක)
ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දුම්රිය රියදුරු සහ නියාමකවරු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දුම්රිය වැඩ වර්ජනය හෙට (21) දිනය දක්වා පැය 24කින් තාවකාලිකව කල් දැමූ බව දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි.
නියාමක සහ රියැදුරු ශ්‍රේණිවල පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධව අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණයට එළැඹි බව ඒ මහතා කියයි.
හෙට දිනයේත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඒ මහතා පවසයි.

