(මහින්ද නිශ්ශංක)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි.
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පැවති සාකච්ඡාවේදී නියමක හා රියදුරු ශ්‍රේණිවල පවතින සියලු ගැටලුවලට විසඳුම් ලබාදුන් බැවින් වර්ජනය නතර කළ බවද ඒ මහතා කීය.

