මහින්ද නිශ්ශංක
දුමරිය නියාමක, රියදුරු , ස්ථානාධිපති සහ පාලකවරුන් අනිද්දා (29) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය අතිහිටුවීමට දුම්රිය වෘත්තීය සමිති අද (27) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප‍්‍රනාන්දු මහතා පැවසීය.
දුම්රිය ශ්‍රේණි විෂමතාවය නිවැරදි කර තමන්ට හිමි වැටුප් තල ලබා ගැනීම සම්බන්ධ ගැටළුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේ ප්‍රථිපලයක් වශ්‍යයෙන් මෙම තීරණයට එළැඹි බව ජනක ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද දෙවැනිවරටත් පැවැති මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 4.30 පමණ සිට පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති ගැටලුවට පෞද්ගලිකවම මැදිහත්වී විසඳුමක් ලබාදීම සඳහා මාස දෙකක පමණ කාලයක් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ප‍්‍රකාශ කළ බවත් කී ජනක ප‍්‍රනාන්දු මහතා ඒ අනුව ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා වර්ජනය නතර කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් පැවසීය.
දුම්රිය වැඩ වර්ජනය අතහරී
Recommended Articles