(යොහාන් භාසුර)
දුම්රිය එන්ජින් රියදුරු වෘත්තිය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දෙමටගොඩ පිහිටි ජලශක්ති ධාවනාගාරයේ පරිපාලනය සමඟ ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසුව රියදුරන් වර්ජනය අතහැරි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

