දුම්රිය වර්ජනය අවසන්


පැය 48ක දුම්රිය සේවක වැඩ වර්ජනය අද (9) පස්වරු 4ට අවසන් කිරීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කළ බව එහි කැඳවුම්කරු ඩබ්ලිව් ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී තමා ඉල්ලා සිටින වැටුප්තලය ලබා දීමේ එකගතාවක් මත වර්ජනය අවසන් කළ බව ඒ මහතා කීය.

පස්වරු හතරේ සිට දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැළසුම් කර ඇතැයි ද ප්‍රනාන්දු මහතා පැවසීය.

බස් ගාස්තු වැඩිකිරීමට ඉඩ නොදුන්නැයි දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.