දුම්රිය එන්ජිම මතට ගසක් කඩා වැටෙයි


(පාලිත ආරියවංශ)

බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා සෙනසුරාදා (16) සවස ගමන් ඇරඹු රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම මතට පහුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගසක් කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රාත්‍රී 8-00ට පමණ දිරාපත් ගසක් මෙලෙස කඩාවැටී ඇති බවත් පැයක පමණ කාලයක් තුළ ගස කපා ඉවත් කර දුම්රිය යළි ගමන් ඇරඹු බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙක් පැවසීය .